Friday, December 23, 2016
කවුද මේ හේතුහාමි...?
අන්තර් ජංජාලෙ හක්කලං කොරන උන් දැන් බලනවා අති මොකාද බොල මේ හේතුහාමි කියලා. ගමේ ගොඩේ හැදිච්ච දුප්පත් අහිංසක මිනිහෙක් තමා මමත්. හැබැයි කොම්පියුටර් කොටන්න අරන් නම් දන් අවුරුදු 15ක් විතර වෙනවා.. දැන් ලෝකෙ දියුනු වෙන්නෙ පුදුම වේගෙන්නෙ බොළ.
එකදාස් නමසිය අසූ ගනන් වල රූපවාහිණිය අපු කාලෙ හප්පා එක බලන්න විදපු දුක. මුළු හමටම එකයි දෙකයි ඕවා තිබුනෙ, පොල්ගස් උසට ඇන්ටනා බදින්න ඕනෙ ඕවා තිබුන උන්. නැති අපි අඩි ගණන් දිග හුලුඅතු බදින්න ඕනෙ රෑ තිස්සෙ ඔවා බලන්න දුර යන්න. හප්ප විඳපු දුක. ඒ කාලෙ හැම අහකම කරන්ට් එකත් නෑනෙ. කාර් බැටරියෙන් තමා බැලුවෙ. ඒකත් කලු සුදු.. ඊට පස්සෙ වර්ණ රූපවාහිණී.. ඊටපස්සෙ චැනල් කියන ඒව ආවා ඉවරයක් නැතුව. ඒ චැනල් කාරයො රට විනාස කොලා. ඒක වෙන දවසක කතා කරමු. ඊට පස්සෙ එල් සී ඩී කියයි, එල් ඊ ඩී කියයි, ත්රී ඩී කියයි. ඉවරයක් නෑ. දැන් කොල්ලො ෆෝන් එකෙනුත් ටීවී බලනවනෙ. ඒ තරමට දියුනු උනා.
ඔය එක පැත්තක් විතරයි.හැම පැත්තම දියුනු වුනා හිතාගන්න බැරි විදියට. හප්පා මෙහෙම දියුණුවක්. කොච්චර දියුනු උනාද කියතොත් රට තොට, ගහ කොල, සතා සරුපයා විතරක් නෙමෙයි අම්මා තාත්තා අමතක වෙන ගානට අපි දියුණු වුනා බොළ.
ආගම ධර්මෙ, සිරිත් විරිත් සේරම අමතක වෙලා. ඒ අවුවස්සෙ කවුන්සලේ ඇත්තො අපි සේරටම නාට්ටිය පෙන්නනවා. ඒවා බලල අපි කා කොටා ගන්නවා. අපි කා කොටාගන්න අස්සෙ උන් එකා වගේ සමඟියෙන් සැප කාර් ගෙන්න ගන්නවා. දීමනා වැඩි කරගන්නවා.. එහෙම කරලා උන් අපිව ජති අගම් වලට කොටවනවා. අනේ අපිත් හොඳට කෙටවෙනවා. මේ යන ගමන හරි යන්නෙ නෑ පුතේ. පොඩ්ඩක් නැවතිලා බලමු.
මේ පටලැවිල්ල දුප්පත් මට තේරුනාට ගොඩක් උන්ට ගානක් නෑ.. සිරි ලංකාව දවසින් දවස වලට වැටෙනවා. මේන්න මේ කාරනා කාරනා ගැන මට හිතෙන දේ ඉඩ තියෙනෙ තියෙනෙ වෙලාවට මේකෙ කුරුටු ගාන්න මම හිතන් ඉන්නවා.
මේ,
හේතුහාමි
Labels:
අන්තර් ජංජාලෙ,
කවුන්සලේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment