Saturday, December 24, 2016

සිංහලේ

   

 හේතුහාමි බ්ලොග් එකක් කොරන්න පටන් ගත්තා විතරනෙ තාම. තමුන්නහැලට තාම මං ගැන හරි අවබෝධයක් නැතුව ඇති මයෙ හිතේ. හේතුහාමි හිතන පතන විදිය අනික් එවුන්ට වඩා අබින්දක් වෙනස්. ඒ නිසා ටිකාක් විතර පරණ, හොඳට පොරසිද්ද් වෙච්ච කතාවක් ගැන ලියන්න හිතුවා.
පහුගිය දොහේ ගොඩක් එකාලා අතරෙ සිංහලේ සිංහලේ කියලා මහ කතාවක් ගියානෙ. මොකාගෙ උනත් පපු කැවුත්තෙ තමංගෙ ජාතිය ආගම ගැන හැඟීමක් තියේ නම් එක හරි වටිනව බොල.


   තමුන්නෙ ජාතිය ආගම ගැන හැඟීමක් තියේ නම් ඒ ගැන ක්‍රියා කොරන්ටත් ඕනෙ. ඒකෙ වරදක් තියෙන්න විදියක් නෑ මයෙ හිතේ. හැබැයි පුතෝ ක්‍රියා කොරපු  අයුරුව හරිද කියලා නම් මට හැකයි. තමුන්නෙ ජාතියට ආදරේ නම් මුලින්ම කොරන්න ඕනෙ මොකදද? තමුන්නෙ ජාතිය රැක ගන්න නම් තමුන්නෙ ජතිය වඳ නොවී තියාගන්න ඕනෙ. ජතිය වඳ නොවෙන්න නම් ජාතිය බෝ කොරන්න ඕනෙ.

   වාහන වල ස්ටිකර් ගහල කොල්ලන්ගෙ ඇඟේ පච්ච් කෙටුවම ජාතිය බෝ වෙනවද? හොඳයි ජාතිය ගැන හැඟීමක් එන්න පොඩි රැල්ලක් හදන්න මෙහෙම කොලාම කියල කියමු. ඒත් මේ ස්ටිකර් පච්ච බලලා කවුද වැඩිපුර  දරුවො හදන්න හිතුවෙ. එකෙක් එහෙම හිතුවෙ නෑ. හැම එකාම රැල්ලට ස්ටිකර් ගැහුවා නැත්නම් පච්ච ගැහුවා.. අද කාලෙ කොල්ලො කියන විදියට නාකි මට අහන්න තියෙන්නෙ " උඹට සතුටුද දැන් " කියලා.

   වෙන වෙන ජාති වල උන බෝ වෙනවා වැඩී කියලා මැරෙන්න දඟලන ජතියට අදරේ අපේ උන් ළමයි කී දෙනෙක් හදල තියනවද? " පුංචි පවුල රත්තරන් " කියල සුද්ද අපිට දීපු ලණුවක් කාලා අපි වරිගයා බෝ කොරන්නෙ නැතිව ඉන්න එකට අනිත් ජති වල උන් පලිද?

   ඉස්සර කාලෙ අපේ පවුල වල දරුවෝ අටයි දහයයි. ඒ අම්මල බුදුන් දැක නිවන් දකින්න අදටත් මේ ජාතිය බේරිලා තියනවා. අද කලේ දෙන්නෙක් ජෝඩු උනාම හදන්නෙ එකයි නැත්නම් දෙකයි. ඉතින් ජාතිය වැඩි වෙනවද? අඩු තරමෙ දරුවෝ තුනක් හැදුවොත්  කියතෑකි අන්න ජාතිය වැඩි උනා කියලා. මේක බලන අන්තර් ජංජාලෙ හක්කලං කොරන දැරිවියො කියයි " බුදු අම්මෝ " කියල. ඕකුන්ගෙ පිගර් එකද මොකද්ද මගුලක් අප්සැට් වෙනවලුනෙ. ජාතිය වඳ උනත් මොකද බන් පිගර් එක සිලිම් එකට තියේ නම් නේද? අනෙ අප්පෙ ජාතියට හෙන වැදිලා නැදද බොල?

   අපේ එකීලා ව්හාග කොරලා, විස්සවිද්යාලෙ ගොහිල්ලා එහෙම නැත්නම් රස්සා කොරලා දෑවදි හදලා මගුලක් තුලවක් කොරගද්දි තිස්පහ පැනලා. දැන් දරුවො හදන්නෙ කොයි කාලෙද? වෙන ජාති වල එකීලා දහ අට පනිද්දි මගුලක් කොරගෙන දරුවොත් හදලා. හිතපල්ලකො තිස්පහ වෙද්දි කොහොමද ඵලදාව කියලා. උන් උන්ගෙ යුතුකොම කොරනවා. උන් හරි අපි වැරදි..

   ඒ මදිවට ඔය සිංහලේ කියල උදම් අනන ඉලංදාරි ගොඩක් දවසට හැන්දෑවට හැන්දෑවට  ඔය සිංහ ලේ වලට අරක්කු කලවං කොරගන්නෙ අහවල් මගුලකටද? පදම වැඩි උනාම වැටිච්ච් තැනම බුදියනවා. දැන් ඉතින් ජතිය බෝ වෙන්න උගෙ ගෑනිට දරුවො කුරුල්ලෙක් ගෙනත් දායිද? එක්කො බීල බීලා අකාලෙ නහිනවා.  වරද බෝ කරන උන්නෙ ජති වල නෙමේ බොල. වරද  කොරන්නෙ අපේම උන්.විළිලැජ්ජවෙ බෑ සිංහලේ කියලා ස්ටිකර් ගහපු වාහනෙන් බැහැලා බාර් එකට රිංගලා සිංහලේ කියලා පච්චෙ ගහපු අතින්ම බෝතලෙ අරන් යද්දි.
   
   රැලි නම් එනව පුතේ. ඒ වගේම යනවා. ඒත් වෙරළ එතනමනෙ. කල්පනවෙන් වැඩ නොකලොත් ජාතිය කම්මුතුයි පුතේ.

මේ,
හේතුහාමි

Friday, December 23, 2016

කවුද මේ හේතුහාමි...?


    අන්තර් ජංජාලෙ හක්කලං කොරන උන් දැන් බලනවා අති මොකාද බොල මේ හේතුහාමි කියලා. ගමේ ගොඩේ හැදිච්ච දුප්පත් අහිංසක මිනිහෙක් තමා මමත්. හැබැයි කොම්පියුටර් කොටන්න අරන් නම් දන් අවුරුදු 15ක් විතර වෙනවා.. දැන් ලෝකෙ දියුනු වෙන්නෙ පුදුම වේගෙන්නෙ බොළ.

    එකදාස් නමසිය අසූ ගනන් වල රූපවාහිණිය අපු කාලෙ හප්පා එක බලන්න විදපු දුක. මුළු හමටම එකයි දෙකයි ඕවා තිබුනෙ, පොල්ගස් උසට ඇන්ටනා බදින්න ඕනෙ ඕවා තිබුන උන්. නැති අපි අඩි ගණන් දිග හුලුඅතු බදින්න ඕනෙ රෑ තිස්සෙ ඔවා බලන්න දුර යන්න. හප්ප විඳපු දුක. ඒ කාලෙ හැම අහකම කරන්ට් එකත් නෑනෙ. කාර් බැටරියෙන්  තමා බැලුවෙ. ඒකත් කලු සුදු.. ඊට පස්සෙ වර්ණ රූපවාහිණී.. ඊටපස්සෙ චැනල් කියන ඒව ආවා ඉවරයක් නැතුව. ඒ චැනල් කාරයො රට විනාස කොලා. ඒක වෙන දවසක කතා කරමු. ඊට පස්සෙ එල් සී ඩී කියයි, එල් ඊ ඩී කියයි, ත්‍රී ඩී කියයි. ඉවරයක් නෑ. දැන් කොල්ලො ෆෝන් එකෙනුත්  ටීවී බලනවනෙ. ඒ තරමට දියුනු උනා.

     ඔය එක පැත්තක් විතරයි.හැම පැත්තම දියුනු වුනා හිතාගන්න බැරි විදියට. හප්පා මෙහෙම දියුණුවක්. කොච්චර දියුනු උනාද කියතොත් රට තොට, ගහ කොල, සතා සරුපයා විතරක් නෙමෙයි අම්මා තාත්තා අමතක වෙන ගානට අපි දියුණු වුනා බොළ.

    ආගම ධර්මෙ, සිරිත් විරිත් සේරම අමතක වෙලා. ඒ අවුවස්සෙ කවුන්සලේ ඇත්තො අපි සේරටම නාට්ටිය පෙන්නනවා. ඒවා බලල අපි කා කොටා ගන්නවා. අපි කා කොටාගන්න අස්සෙ උන් එකා වගේ සමඟියෙන් සැප කාර් ගෙන්න ගන්නවා. දීමනා වැඩි කරගන්නවා..  එහෙම කරලා උන් අපිව ජති අගම් වලට කොටවනවා. අනේ අපිත් හොඳට  කෙටවෙනවා. මේ යන ගමන හරි යන්නෙ නෑ පුතේ. පොඩ්ඩක් නැවතිලා බලමු.

     මේ පටලැවිල්ල දුප්පත් මට තේරුනාට ගොඩක් උන්ට ගානක් නෑ.. සිරි ලංකාව දවසින් දවස වලට වැටෙනවා. මේන්න මේ කාරනා කාරනා ගැන මට හිතෙන දේ ඉඩ තියෙනෙ තියෙනෙ වෙලාවට මේකෙ කුරුටු ගාන්න මම හිතන් ඉන්නවා.

මේ,
හේතුහාමි